එජාපය ජාතික ආණ්ඩු යෝජනාව හකුලා ගනී

ජාතික ආණ්ඩුව පිහිටුවිම පිළිබඳ යෝජනාව අද(07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර සිටීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර ඇත.

පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රරමසිංහ මහතා සමග ඊයේ ( 06) රාත්‍රියේ පැවති විශේෂ සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන තිබේ.

ජාතික ආණ්ඩුවක් පිහිටුවිම සඳහා වු යෝජනාව අද දිනයේ  විවාදයට ගැනිමට ඊයේ පස්වරුවේ රැස්වූ පක්ෂ නායක රැස්විමේදී සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් යෝජනා කර තිබුනි.

ඒ අනුව එම යෝජනාව  අද දිනයේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ද  ඇතුළත් කර තිබිණි.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා සියලු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබුණේ අද පාර්ලිමේන්තුවට පැමිණ යෝජනාවට පක්ෂව අනිවාර්යෙන්ම ජන්දය භාවිතා කරන ලෙසයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *