එෆ්.බී.අයි. විමර්ශකයනුත් විශ්මයට පත් කළ ‘හදිසියේම සහරාන්’ මරාගෙන මැරුණ හේතුව

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු බවට හඳුනාගෙන සිටින සහරාන් ඉතා කෙටි කාලයක් තුළ ඔහුගේ මතවාදය රට පුරාම ව්‍යාප්ත කරමින් අනුගාමිකයන් සිය ගණනක් බිහි කර ඇති බව මෙතෙක් කර ඇති විමර්ශනවලින් හෙළි වී තිබෙනවා.

සහරාන් සිය අනුගාමිකයන්ට සටන් පුහුණුව ලබාදෙන්නට රට පුරාම පුහුණු කඳවුරු පවා ඉදි කරමින් සිට ඇති අතර ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ දේවස්ථාන රට පුරාම ඉදි වෙමින් තිබී ඇති බවයි වාර්තා වන්නේ.

විමර්ශනවලින් පෙනී යන්නේ සහරාන් දීර්ඝ කාලීන සැලසුමකට අනුව සිය සංවිධානය වර්ධනය කරමින් ප්‍රබල තැනකට ගෙන ඒමේ උත්සහායක නිරත ව සිට ඇති බවය.

එසේ තිබියදී හදිසියේම පාස්කු ඉරිදා දේවස්ථාන සහ සංචාරක හෝටල්වලට මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවක් එල්ල කරමින් ඔහුත් මරාගෙන මැරෙන්නේ ඇයි දැයි අපේ රටේ විමර්ශකයන්ට පමණක් නොව, ඒ ගැන අධ්‍යයනය කරන්නට මෙරටට පැමිණ සිටින ඇමරිකාවේ එෆ්.බී.අයි. ඇතුළු විදෙස් විමර්ශකයන්ටත් පැන නැඟී ඇති ගැටලුවකි.

ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ ප්‍රහාර විස්සකට වැඩි ප්‍රමාණයක් එල්ල කරන්නටය.

ඊට ඉඩක් නොලැබෙන්නේ සහරාන්ගේ කල්ලිය අවසාන මොහොතේ දෙකඩ වීම වන අතර විමර්ශකයන් අනුමාන කරන්නේ සහරාන්ටත් මරාගෙන මැරෙන්නට සිදු වන්නේ ඒ නිසා වන්නට ඇති බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *