නවින් ලිපිගොනු ඉවත් කර ගනී – සිරිකොතින් නික්මෙන ලකුණු

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා එම පක්ෂ මූලස්ථානය වන සිරිකොතේ පිහිටුවා පිහිටා තිබූ ඔහුගේ කාර්යාලයේ ලිපි ගොනු ඉවත් කරගෙන ඇති බවට වාර්තා පළ වනවා.

ඊයේ පස්වරුවේ තම හිතවතුන් පිරිසක් සමග පැමිණි හිටපු මන්ත්‍රීවරයා මෙසේ තම ලිපිගොනු ඉවත් ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

රුවන් විජේවර්ධන මහතා පක්ෂයේ නව නියෝජ්‍ය නායක ධුරයට පත්වී දිනක් ගත වීමට ප්‍රථම දිසානායක මහතා සිය කාර්යාලය ලිපිගොනු ඉවත් කර ගැනීම විශේෂත්වයක් වනවා.

දිසානායක මහතාද එජාප පක්ෂ නායකත්වය බලාපොරොත්තුවෙන් සිටි අතර ඔහු ඒ බව අවස්ථා ගණනාවක ප්‍රසිද්ධියේ කියා සිටියා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *