පාර්ලිමේන්තුවේ කොකේන් ගහන කට්ටිය ඉන්නවානම් ප්‍රසිද්ධියේ කියන්න – මහින්ද රාජපක්ෂ

කොකේන් නැමැති විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රීවරු සිටියි නම් එය ප්‍රසිද්ධියේ සඳහන් කළ යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොකේන් භාවිත කරන බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශයකට අද (19දා) තංගල්ලේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

“කොකේන් ගහන කට්ටිය ඉන්නවානම් ප්‍රසිද්ධියේ කියන්න ඕන. පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොටම චෝදනා කරන්න බෑ. කැබිනට් මණ්ඩලයේ ඉන්න සියලු දෙනාටම චෝදනා ඉදිරිපත් කරලා තිබෙනවා. ඉතින් ඒ අය දැනගන්න ඕන බේරගන්න. කොකේන් ගහන ආණ්ඩුවක් එක්ක කොහොමද කොකෙන් නැති කරන්නේ” යැයි ඔහු සඳහන් කළේය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *