“ලංකාවේ නැති එක මට සතුටක් ” – බ්‍රිතාන්‍යයේ දක්ෂතම දැරියවූ ලංකාවේ දියණියගේ පියා කියන කතාව

ශ්‍රී ලංකාවේ දෙමාපියන් දරුවන් ප්‍රබල පීඩනයකට ලක් කරන ආකාරයට තම දියණියට පීඩනයක් එල්ල නොකළ බව පී බ්‍රිතාන්‍යයේ දරු දැරියන් අතරින් දක්ෂතම දැරිය ලෙසින් සම්මාන ලැබූ ශ්‍රී ලාංකික දැරියගේ පියා වන නීලංග උග්ගල්ල පවසනවා.

බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ ලංකාවේ නොසිටීම නිසා ටියුෂන් ක්‍රමවේදයකට යොමු නොවීම පිළිබඳව තමන් සතුටු වන බවයි.

සිය දරුවන් වෛද්‍යවරුන් සහ ඉංජිනේරුවන් බවට පත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ දෙමාපියන් දරුවන් ප්‍රබල පීඩනයකට ලක් කරන ආකාරයට නිශීට ද පීඩනයක් එල්ල වූයේ දැයි විමසූ අවස්ථාවේ ඇගේ පියා මේ බව සඳහන් කර තිබෙනවා.

“ඇත්තට ම අපි ලංකාවේ ඉන්නේ නැති එක ගැන මට තියන එක සතුටක් තමයි අපි ටියුෂන් ක්‍රමයට නැති එක. ළමයින්ට ළමා කාලය තියෙන්න ඕන කියල අපි ගොඩක් විශ්වාස කරනවා. ඒ නිසා අපි කවදාවත් නිශී ටියුෂන් යැවුවේ නෑ.

බ්‍රිතාන්‍යයේ උපත ලැබුව ද මේ දැරියට බ්‍රිතාන්‍යයේ සහ ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය හිමියි.

“එයාට අවුරුදු 18 වුණා ම ඒක දිගට ම තියාගන්නව ද, නැද්ද කියල නිශී තීරණය කරාවි.හැබැයි එයා ලංකාවට ගොඩක් ආදරෙයි. අපි අවුරුද්දකට විතර සැරයක් ලංකාවට යනව. ඒ ගියා ම නිශීගේ බල කිරීම නිසා අපි උඩවලවේ යන්නම ඕන” යනුවෙන් නීලංග උග්ගල්ල සඳහන් කර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *