නේපාල ක්‍රිකට් පිළ ලෝක වාර්තාවක් සමගින් ශ්‍රී ලංකාවට සමවේ

අයි.සී.සී. ක්‍රිකට් ලෝක කුසලාන දෙවැනි කොටස යටතේ පැවැති තරගයකින් ඇමරිකාව ලකුණු 35කට සීමා කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අඩුම ලකුණු සංඛ්‍යාවකට කණ්ඩායමක් දවා ගැනීමේ වාර්තාවේ ශ්‍රී ලංකාව සමගින් සමතැන් ගැනීමට නේපාලය ඊයේ (12 වැනිදා) සමත් වුණා.

මීට පෙර අදාළ වාර්තාවට තනිවම හිමිකම් කියූ ශ්‍රී ලංකාව 2004 වසරේ අප්‍රේල් මාසයේදී සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 35කට දවාගෙන තිබුණා.

ඊයේ තරගයට පෙර එම ලැයිස්තුවේ දෙවැනි සහ තෙවැනි ස්ථානයන්ද ශ්‍රී ලංකා කණ්ඩායම සතු වී තිබුණා. ඒ අතර පිළිවෙළින් 2003 වසරේදී කැනඩාව ලකුණු 36කට දවා ගැනීම සහ 2001 වසරේදී සිම්බාබ්වේ පිල ලකුණු 38කට දවා ගැනීම සටහන් වුණා.

ඊයේ තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇමරිකාව රැස්කළ ලකුණු 35ක ඉලක්කය හඹාගිය නේපාලය පන්දුවාර 5.2කදී කඩුලු 2ක් දැවී ලකුණු 36ක් රැස්කරමින් ජයග්‍රහණය සපුරා ගැනුණා.

ඇමරිකාව වෙනුවෙන් ක්ෂේවියර් මාෂල් (16) හැරුණාම සෙසු එකදු පිතිකරුවෙකුටවත් ලකුණු 5 සීමාව පසු කිරීමට නේපාල පන්දු යවන්නන්ගෙන් ඉඩක් නොලැබුණා.

නේපාලය වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ සංදීප් ලැමිච්හානේ ලකුණු 16කදී ඇමරිකානු කඩුලු 6ක් බිඳ හෙළු අතර ඒ හේතුවෙන් තරගයේ වීරයා සම්මානයත් ඔහුට හිමි වුණා.අනෙක් අන්තයෙන් සංදීප්ට අනගි සහයක් ලබාදුන් සුශාන් භාරි ලකුණු 5ක් තුළ කඩුලු 4ක් බිඳ හෙළුවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *