හෙරොයින් සැකකරු මරන්න පොලිසියේ ඉහළින් නියෝගයක් – පිළිනොපැද්දාට CCD ලොක්කාට මාරුවක් ?

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අවසරයකින් තොරව කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර ඇතැයි වාර්තා වනවා.

මෙම මාරුවීම ලබාදීමට පෙර හෙරොයින් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වූ අයෙකු මරා දමන ලෙස ඉහළින් පැමිණි උපදෙසක් තමන් ක්‍රියාත්මක නොකළ බවට ඔහු විසින් පොලිස් පොතේ සටහන් කර තිබූ බව ද පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා.

උපදෙස් ක්‍රියාත්මක නොකිරීම නිසා ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා මහතාට ස්ථාන මාරු ලබාදෙන බවට උසස් පොලිස් නිලධාරියකු තර්ජනය කළ බව ද එම සටහනේ දැක්වෙන බවයි වාර්තා වන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *