නව රජයේ නව කැබිනට් රැස්වීම හෙට

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ නව කැබිනට් රැස්වීම හෙට(26) දිනයේ පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

ජනාධිපතිවරණයෙන් අනතුරුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ නව අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමට පියවර ගත්තේය.

ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ 15 දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩලයක් තාවකාලිකව පත්කිරීමට පියවර ගනු ලැබුවේය.

හෙට දිනයේදී නව අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීම පැවැත්වෙනු ඇත.

නව ජනාධිපතිවරයෙක්, අග්‍රාමාත්‍යවරයෙක් සහ නව අමාත්‍ය මණ්ඩලයක් පත්වීමෙන් අනතුරුව පවත්වන පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම මෙයයි.

හෙට රාත්‍රියේදී කැබිනට් රැස්වීම පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *