රජයට සහාය දක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් හය දෙනාට ද කැබිනට් නොවන රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිකම් ලබා දීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර තිබෙනවා.
එම නම් ද ඇතුළත්ව අමාත්‍ය තනතුරු සඳහා යෝජිත එජාපයේ පිරිසද ඇතුළත් කර සම්පුර්ණ නාම ලේඛනය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙත ඉක්මනින් ලබා දීමට නියමිතව තිබෙනවා.
ජනාධිපතිවරයා එම තීරණයට සහාය නොදැක්වුවහොත් ජාතික ආණ්ඩු යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද එක්සත් ජාතික පෙරමුණ තීරණය කර තිබෙනවා.