නව කැබිනට් ඇමති ධුර සඳහා නම් හතරක් ජනපතිට – ඒ හතරම නිදහස් පක්ෂ මන්ත්‍රීවරු

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් අතරින් සිව් දෙනෙකුගෙන් යුත් නම් ලැයිස්තුවක් අමාත්‍යධුර ලබාදීම සඳහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසනවා.

ගාමිණී විජිත් විජයමුනි සොයිසා, පියසේන ගමගේ, ලක්ෂ්මන් සෙනෙවිරත්න සහ ඒ. එච්. එම් ෆවුසි යන මහත්වරුන් අමාත්‍යවරුන් ලෙස නම් කරන ලෙසට යෝජනා කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේය යන පදනමේ සිටයි.

කැබිනට් අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව වැඩි කිරිමට සහ ආණ්ඩුවට සහය පළ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට අමාත්‍යධුර ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අකමැත්තක් නොමැති බවට ප‍්‍රකාශ කර ඇතැයි ද එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *