රත්ගම තරුණයන් මරා ‘ලේ තැවරුණු පොලිස් නිලඇඳුම්’ පුළුස්සා ලූ තැන (PHOTOS)

රත්ගම බූස්සරත්න උදාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමෙන් පසුව අපරාධයට සහභාගි වූ නිලධාරීන් ඇඳසිටි ලේ තැවරුණු පොලිස් නිලඇඳුම් මාතර වැල්ලමඩමේ ගෙවත්තක පුළුස්සා තිබෙනවා.

පුලුස්සන ලද ස්ථානය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (23) පරික්ෂාවට ලක් කරනු ලැබුවා.

නිල ඇඳුම් ගිනිතැබූ ස්ථානය පරීක්ෂා කිරීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගොස් ඇත්තේ දැනට අත්අඩංගුවේ පසුවන පොලිස් පරීක්ෂකවරයකුගෙන් ලැබෙන තොරතුරු අනුවයි.

සැකකාර පොලිස් පරික්ෂක කපිල නිශාන්තද සිල්වා යන අය මාතර වැල්ලමඩමේ නිවසක කාමරයක තාවකාලිකව නවාතැන් ගෙන සිට ඇති අතර මෙම නිවසේ හිමිකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි වී සිටින බවයි වාර්තා වන්නේ.

ව්‍යාපාරිකයින් දෙදෙනාට පහරදී ඝාතනය කර වලස්මුල්ලේ රක්ෂිත වනාන්තරයකට රැගෙන ගොස් සිරුරු පුලුස්සා දැමීමෙන් අනතුරුව සැකකාර පොලිස් නිලධාරීන් පිරිස ඇඳ සිටි ලේ තැවරුණු නිලඇඳුම් මාතර වැල්ලමඩමේ ගෙවත්තේ කසල පුලුස්සන ටැංකියට දමා ගිනි තබා විනාශ කර ඇති බව රහස් පොලිසිය සඳහන් කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *