ජනපතිගෙන් නව ජාතික විදුලි සැලැස්මක්

වසර 2030 වන විට රටේ සමස්ත විදුලිය අවශ්‍යතාවෙන් 70% ක් පුනර්ජනනීය බලශක්ති මූලාශ‍්‍ර මගින් උත්පාදනයට සැලසුම් සකස් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යයාලයේ පැවති සාකච්ඡාවේදීයි. මෙරට විදුලි ඉල්ලූ‍මේ වාර්ෂික වැඩිවීම 6% ක් වන අතර සංවර්ධන ව්‍යාපෘති ඇරඹීමත් සමග බලශක්ති ඉල්ලූ‍ම සීග‍්‍රයෙන් ඉහළ යනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඒ හේතුවෙන් අනාගත පරපුරට ප‍්‍රතිඵල භුක්ති විදීමට හැකි තිරසර සංවර්ධනයක් උදෙසා හැකිතාක් දුරට පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් භාවිත කළ යුතු බවයි ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ.

කිසියම් ව්‍යාපෘතියකට අනුමැතිය දීමේ බලය ඇති ආයතන ශක්‍යතා වාර්තා සකස් කර තබාගත යුතු අතර, අනුමැතිය කඩිනමින් ලබා දිය යුතු බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේ. යම් ව්‍යාපෘතියකට අනුමැතිය ඉල්ලූ විට දින 14 ක් තුළදී ඊට පිළිතුරක් නොදුනහොත් එය අනුමත වූවක් ලෙස සැලකීම උචිත බව ද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ස`දහන් කර තිබෙනවා.

පුනර්ජනනීය බලශක්තිය ප‍්‍රවර්ධනයට රජය ඉහළ ප‍්‍රමුඛත්වයක් දී ඇති අතර ඊට අවශ්‍ය සහය දෙන ලෙස සියලූ‍ ආයතන වෙත චක‍්‍ර ලේඛයක් නිකුත් කරන ලෙසයි ජනාධිපතිවරයාවිසින් ජනාධිපති ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇත්තේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *