තෙල් හා ගෑස් කැනීම් සඳහා මෙරටට නව සමාගමක්

ශ්‍රී ලංකාවේ තෙල් හා ගෑස් කැනීම් සඳහා පිහිටුවන නව සමාගම යටතේ, මෙරටට 15% ක හිමිකාරිත්වය ලබාදෙමින් විදේශීය සමාගම් සමග හවුල් ව්‍යාපාර ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව අද(26) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ පිළිබඳව සඳහන් කළේ ය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඛනිජ තෙල් ගවේෂණයට හා කැනීම සඳහා මෙරටට පැමිණෙන සමාගම් සමග හවුල් ව්‍යාපාර ආරම්භ කිරීම රජයේ හවුල්කරු සමග කටයුතු කිරීම මෙහි අරමුණ බවත් , මෙම සමාගම ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ පාලිත සමාගමක් යටතේ පිහිටුවීමට සූදානම් බවත් ය.

මේ අතර , 15% ක හිමිකාරිත්වය හා අධ්‍යක්ෂක තනතුරද මෙම සමාගමට හිමිවෙයි.

තෙල් හා ගෑස් කැනීම්වලින් උපයන ලාභයෙන් කොටසක් ලංකාව සතු වන අතර , මෙම විෂය පිළිබඳව තාක්ෂණික දැනුම ලබා ගැනීමටද මේ හරහා හැකියාවක් පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *