වාහන බදු මේ පිරිසට බලපාන්නේ නෑ

ආනයනික වාහන සඳහා වැඩිකළ බද්ද මාර්තු 06 වැනිදාට පෙර ණයවර ලිපි විවෘත කර ඇති ගිණුම්හිමියන්ට බල නොපාන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කළ දිනට පසුදින එනම් මාර්තු 6 වැනිදායින් පසුව ණයවර ලිපි විවෘත කරන්නන්ට වැඩිකළ වාහන බදු අදාළ වන බවද මුදල් ඇමතිවරයා සඳහන් කළා.

එන්ජිම සහ කුටි සවිකළ චැසි ලෙස ආනයනය කරනු ලබන වාහන මත අයකළ නිෂ්පාදන බද්ද සහ කිලෝග්‍රෑම් 2000ට නොවැඩි භාණ්ඩ ප්‍රවාහන ධාරිතාවයක් සහිත කුඩා ලොරි රථවල නිෂ්පාදන බද්ද මෙවර අයවැයෙන් අඩුකරනු ලැබුවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *