කොරෝනාවට කොකා පෙන්නමින් ‘අවුරුදු වැඩසටහනට එන්න’ ලක්ෂය බැගින් ගෙවලා – නාළිකාවක උවමනාවට රටම අනතුරට පත් කළ නළු නිළියන් මෙන්න

කොරෝනා වසංගතය අතරේ ජනතාව දුරස් කරමින් ජනතාව බේරා ගැනීමට රජය කටයුතු කරමින් සිටියදී වගකීම් විරහිත මාධ්‍ය ආයතනයක් විශාල පිරිස් එක්කර ගනිමින් අවුරුදු වැඩසටහන් පටිගත කිරීමේ යෙදෙන බව ඊයේ (7) www.truenews.lk අප වාර්තා කළා.

රූපවාහිනී මාධ්‍යවේදිනියක් සහ ලේඛිකාවක් වන නදී වාසලමුදලිආරච්චි විසින් මේ පිළිබඳව තොරතුරු සිය ෆේස්බුක් ගිණුමේ ද සටහන් කර තිබුණා.

සිය ගණනක කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් සිදුවූ රූගත කිරීමට එක්වූ කලාකරුවන් සහ කලාකාරිනියන් පිළිබඳව තොරතුරු අප සතුව තිබෙනවා.

එම පිරිස අතර චතුරිකා,ගයාන්,චුලක්ෂි,සේමිණි,තාරුකා,උපේක්ෂා,රූනි සහ විරාජ් ද සිටි බව තහවුරු වනවා.

කලාකරුවන් රැසක් සඳහාම මෙයට සහභාගී වීම වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් ගෙවීමක් ද කර තිබුණා.

මෙම වැඩසටහනේ රාජකාරියේ යෙදුණු නිෂ්පාදන කණ්ඩායමට සම්බන්ධ සහායකයෙකු විසින් සිය දුරකථනයෙන් මෙම රූගත කිරීම පටිගත කර තිබුණු බවටයි එම ආයතනයේ ප්‍රධානින් මේවනවිට විශ්වාස කරන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *