නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හිදි සිදුවු ත්‍රස්ත ප්‍රහාරකයාට තමන් සමාව දෙන බව සිය බිරිඳ අහිමි වු පුද්ගලයෙක් ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු ෆරීඩ් අහමඩ් නම් වනවා.
“ඔහු සිදුකලේ වැරදි ක්‍රියාවක්, එය අනුමත කරන්න බැහැ. මනුෂයෙක් වශයෙන් මම ඔහුට ආදරෙයි වගේම ඔහු සිදුකළ ක්‍රියාවට මම සමාව දීමට සුදානම්. සමාව දීම තමයි හොදම ක්‍රමය” ෆරීඩ් අහමඩ් කියා සිටිනවා.
ඉකුත් සිකුරාදා මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදි ෆරීඩ් අහමඩ් මුස්ලිම් දේවස්ථානය තුල සිට ඇති අතර ඔහුගේ බිරිඳ වන 44 හැවිරිදි හුස්නා අහමඩ් සිට ඇත්තේ ඒ ආසන්න පිහිටි ස්ථානයකයි.
ප්‍රහාරය එල්ල වනවාත් සමග සිය ස්වාමිපුරුෂයා බේරා ගැනිම සදහා දිව ආ ඇයට වෙඩික්කරු විසින් ඇයට වෙඩි තබා තිබෙනවා.
ඊට පෙර ඇය විසින් තවත් කාන්තාවන් හා කුඩා දරුවන් පිරිසකගේ දිවි බේරා ගැනිමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.