ලිංගික හිංසනයට චෝදනා ලැබූ ලාංකිකයාට නවසීලන්තයේ දී වෙච්ච දේ

නවසීලන්තයේ දී ශ්‍රී ලාංකිකයෙකුට ලිංගික හිංසනයන් සිදුකිරීමේ චෝදනා යටතේ මාස 17ක සිර දඬුවමක් නියම වී ඇති පුවතක් විදෙස් පුවත් වාර්තා කර තිබෙනවා.

අදාළ පුද්ගලයා මීට පෙර අවස්ථාවක දී ද කාන්තාවන් හට ලිංගික හිංසනයන් සිදු කිරීම පිළිබඳව එරට අධිකරණයේ වැරදි කරුවෙකු වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් ප්‍රකාශ කර ඇත්තේ ලිංගික හිංසනයන් සඳහා යොමු වීම ඔහුගේ සාමාන්‍ය හැසිරීම් රටාව නොවන බවත් ගංජා මත්ද්‍රව්‍ය භාවිත කිරීම හේතුවෙන් වරදකරු එසේ සිදු කිරීමට යොමුව ඇති බවත්ය.

සැකකරු 34 හැවිරිදි අයෙක් වන අතර මේ වන විට ඔහු නවසීලන්තයේ බන්ධනාගාර ගතකොට සිටින බව එරට වාර්තා සඳහන් කර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *