නවසීලන්ත අගමැතිවරිය එරට දේවස්ථාන දෙකකට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගේ පවුලේ සාමාජිකයින් වෙත සිය ශෝකය පළකරනු ලැබුවා.
ඒ,ඊයේ (17) එරට මුස්ලිම් වැසියන් මුණ ගැසෙමින්.
මෙම අවස්ථාව සදහා නවසීලන්ත අගමැතිවරිය “හිජාබයකින්” සැරසි පැමිණ සිටිමද විශේෂත්වයක් වන අතර සමස්ත ලෝක ප්‍රජාවටම ප්‍රබල පණිවිඩයක් එමගින් ලබා දුන් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ඉකුත්දා සිදුවු ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගේ අවසන් කටයුතු ලබන බදාදා දිනට පෙර සිදු කිරිමට බලාපොරොත්තු වන බවයි අගමැතිවරිය ප්‍රකාශ කර සිටියේ.