නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හි මුස්ලිම් දේවස්ථාන දෙකක සිදු වූ මාරාන්තික වෙඩි තැබීමට සම්බන්ධ වීඩියෝපටය අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට තමන් කටයුතු කරන බව එරට පොලිසිය පවසනවා.
“ක්‍රයිස්ට්චර්ච් සිදුවීමට සම්බන්ධ “ඉතාමත් ඛේදජනක සහ සංවේගජනක” වීඩියෝපටයක් තිබෙන බව අපට දැනගන්නට ලැබී තිබෙනවා. එම වීඩියෝපටය අන්තර්ජාලයට නිකුත් වී ඇති බව ද දැනගන්නට ලැබී තිබෙනවාඑම වීඩියෝපටය අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට අපි පියවර ගනිමින් සිටිනවා” යැයි ” යැයි නවසීලන්ත පොලිසිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා.