T-20 ලෝක කුසලානයේ පළමු ජය අමෙරිකාවට

අද (02) ආරම්භ වූ T-20 ලෝක කුසලානයේ පළමු තරගයේ ජය වාර්තා කිරීමට සත්කාරක එක්සත් ජනපදය සමත් වුණා.

ඒ කඩුළු 07කින් කැනඩා කණ්ඩායම පරාජයට පත් කරමින්.

ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 06.00ට ආරම්භ වූ පළමු තරගයේ කාසියේ වාසිය දිනාගත් එක්සත් ජනපදය පළමුවෙන් පන්දු රැකීම තෝරාගනු ලැබුවා.

ඒ අනුව, පන්දුවට පහරදීමට පිටියට පිවිසි කැනඩා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 194ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී කැනඩා කණ්ඩායමේ Navneet Dhaliwal ලකුණු 61 (44)ක්ද, Nicholas Kirton ලකුණු 51 (31)ක්ද, Shreyas Movva ලකුණු 32 (16) ක්ද ලබා ගනිමින් කණ්ඩායමේ ඉහළම ලකුණු වාර්තා කිරීමට සමත් වුණා.

පිළිතුරු ඉනිමට ලකුණු 195ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එක්සත් ජනපද කණ්ඩායමට පන්දුවාර 17යි පන්දු 04ක් අවසානයේ කඩුළු 03ක් දැවී ලකුණු 197ක් ලබා ගනිමින් තරහයේ ජය වාර්තා කිරීමට සමත් වුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *