චීනය සොලමන් දූපත් සමග රහස් ගනුදෙනුවක

චීනයේ ප්‍රතිරූපය වර්ධනය වන අයුරින් ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීම සඳහා චීන රජය සොලමන් දූපත් රාජ්‍යයේ මාධ්‍ය ආයතන වෙත මුදල් ලබා දෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම මාධ්‍ය පැවසුවේ සොලමන් දූපතේ එවැනි එක් සමාගමකට චීන රජය විසින් ඇමෙරිකානු ඩොලර් 130,000කට වඩා වැඩි මුදලක් ප්‍රදානය කර ඇති බවයි.

ඒ හරහා සොලමන් දූපත් හි වඩාත්ම ත්‍යාගශීලී සහ විශ්වාසනීය සංවර්ධන හවුල්කරුවා ලෙස සිය රට ප්‍රවර්ධනය කර ගැනීම චීනයේ අරමුණ වී තිබේ.

සොලමන්ස් දූපත් රාජ්‍යය ඉකුත් දා චීනය සමඟ ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරනු ලැබුවා.

ඒ අමෙරිකාවේ සහ ඔස්ට්‍රේලියාවේ දැඩි අවධානය මධ්‍යයේයි.

ඔවුන් පවසන්නේ එය කලාපීය ආරක්ෂාවට තර්ජනයක් බවයි.

චීන සබඳතා වර්ධනය වීම හමුවේ සොලමන් දූපත් රාජ්‍යය තායිවානය සමග පැවැති සබඳතාවලින් දුරස් වීම ද කලාපීය වශයෙන් ගැටළුකාරීත්වයක් වර්ධනය කර ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *