පරිගණක ක්‍රීඩාවක් ගැන අධිකරණයෙන් දුන් නියෝගය

තම දරුවන් පරිගණක ක්‍රීඩාවක් සඳහා ඇබ්බැහි වී ඇති බව පවසමින් දෙමාපියන් තිදෙනෙකු විසින් ගොනුකළ නඩුවක් විභාග කිරිමට කැනේඩියානු අධිකරණයක් තීරණය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අදාළ පරිගණක ක්‍රීඩා ආයතනයට එරෙහිව එම දෙමව්පියන් විසින් මෙම නඩුව ගොනුකර ඇති බවය.

මෙම පරිගණක ක්‍රීඩාවට අධික ලෙස ඇබ්බැහිවීම හේතුවෙන් සිය දරුවන් නිදාගැනීම, ආහාර ගැනීම සහ ස්නානය කිරීම පවා ප්‍රතික්ෂේප කරන තත්ත්වයකට පත්ව ඇති බව නඩුවේ සදහන් කර තිබේ.

වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ එක් දරුවෙක් වසර දෙකකට අඩු කාලයකදී පැය 7700ක් මෙම පරිගණක ක්‍රීඩාවේ නිරතව ඇති බවට ද කරුණු දක්වා ඇති බවය.

කෙසේවෙතත් අදාළ පරිගණක ක්‍රීඩා සමාගම අධිකරණය වෙත කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ පරිඝණක ක්‍රීඩා සඳහා ඇබ්බැහිවීම පිළිගත් මානසික ආබාධයක් නොවන බවය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *