බටහිර සහ යුරෝපානු රටවලට අනවසරයෙන් ඇතුළු වන සංක්‍රමණික ප්‍රජාව අතර පකිස්තාන වැසියන් ඉදිරිපෙළේ පසුවෙයි.
වත්මන් පකිස්තානය තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ එලෙස බටහිරට හා යුරෝපානු රටවලට පළා යන පකිස් සැමවිටම බටහිර රටවලට නීතිවිරෝධීව පකිස්තානයෙන් පළා යන පිරිස ඉහළ ගොස් ඇතැයි නවතම වාර්තා අනාවරණ කරයි.
එලෙස බොහෝ පිරිසක් රටින් පිටවීමට උත්සහ දැරීම හමුවේ පකිස්තානය මේවනවිට මිනිස් ජාවාරමේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට ද පත්ව තිබේ.
පාකිස්තානු ජාතිකයන් ලක්ෂ ගණනක් එහි ගොදුරු බවට පත්ව සිටියි.
ඒ අතරින් කාන්තාවන් සහ ළමුන් ප්‍රධානයි.
ඔවුන් ජාත්‍යන්තර දේශසීමා හරහා ජාවාරම්කරුවන් විසින් නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරනු ලබයි.
ඒ හමුවේ පකිස්තානය තුළ නීතිවිරෝධී ලෙස සංක්‍රමණිකයින් රැගෙන යන මාෆියාවක් ක්‍රියාත්මක වන අතර අග්නිදිග ආසියාවේ නීතිවිරෝධී කටයුතු ඒ හරහා සිදුවන බව පැවසේ.
සෑම වසරකම පාහේ පකිස්ථානුවන් 30,000 සිට 40,000 දක්වා නීතිවිරෝධී ලෙස යුරෝපයට ඇතුළු වීමට උත්සාහ කරන බව වාර්තා වේ.
මේවනවිට ඉතාලියේ ජීවත් වන පකිස්තානුවන් සංඛ්‍යාව 120,000ක් පමණ වන බව සඳහන්.
මෙම තත්ත්වය අමෙරිකාවේ සහ යුරෝපයේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල කර ඇතැයි ද පැවසේ.
ඒ හමුවේ එම රටවල අන්තවාදී සහ ත්‍රස්තවාදය පිළිබඳ අවධානමක් මතුවෙමින් ඇත.