චීනය, පිලිපීනයේ ඔන්ලයින් ක්‍රීඩා කර්මාන්තය ගැටළු සහගත තත්ත්වයකට ඇද දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඔන්ලයින් ක්‍රීඩාවට මුවා වී චීන වැසියන් පිලිපීනය තුළ විවිධ වංචා සහගත ක්‍රියාවල නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අතර වැටුප් ගෙවීමෙන් තොරව පුද්ගලයින් සේවයේ යෙදවීම, කාන්තාවන් ගණිකා වෘත්තීයේ යෙදවීම යන කටයුතු චීන වැසියන් විසින් අන්තර්ජාලය හරහා ක්‍රීඩා පවත්වාගෙන යන ස්ථාන තුළ සිදු කරන බව වාර්තා වෙයි.
මැනිලා නුවර එවැනි ස්ථාන පවත්වාගෙන යන බවට සැකකෙරෙන ගොඩනැගිලි කිහිපයක් වැටලූ පොලීසිය මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව ද සඳහන්.
පිලිපීන පොලිස් බලකායේ 2,000 ක කණ්ඩායමක් ජූනි 26 වන දින දකුණු මැනිලා හි චීනය විසින් පවත්වාගෙන යනු ලබන විශාල අන්තර්ජාල ක්‍රීඩා සංකීර්ණයක් එලෙස වටලා තිබේ.
එහිදී වංචා සහගත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් භාවිත කර ඇතැයි කියන පරිගණක සහ ඒවාට අදාළ දත්ත සොයා ගෙන ඇත.