ඉන්දියාව තුළ පවතින සාමකාමී සහජීවනය අද්විතීය බව මුස්ලිම් ලෝක ලීගයේ මහ ලේකම් ආචාර්ය බින් අබ්දුල්කරීම් අල් ඉසා පවසා ඇත.
ඒ සම්බන්ධයෙන් ඔහු ඉන්දීය නායකත්වයට ප්‍රශංසා කර ඇතැයි ද සඳහන්.
ඉන්දීය නායකයින් ඔවුන්ගේ ආධිපත්‍යය තහවුරු කරනවාට වඩා සාමය, ඉවසීම සහ අවබෝධය පිළිබඳ සාකච්ඡා කළ බව ද ආචාර්ය අල් ඉසා පවසා තිබේ.
ඉන්දියාවේ චින්තන විවිධත්වය තමන්ගේ සිත් ගත් බව ද ඔහු පවසයි.
ඉන්දියාවේ ආගමික නායකත්වය සමඟ පවතින් අන්තර්ක්‍රියා හේතුවෙන් මානව සාරධර්ම ආරක්ෂා කිරීමට එකට නැගී සිටිය යුතු බව තමන් සිතූ බව ද ඔහු පවසා ඇත.
ඉන්දියාව සතු දැනුමෙන් ලෝකයට ප්‍රයෝජන ගත හැකි බව ද ඔහු පවසා තිබේ.
මුස්ලිම් ලෝක ලීගයේ මහ ලේකම් ආචාර්ය බින් අබ්දුල්කරීම් අල් ඉසා ඉකුත්දා ඉන්දියාවේ සංචාරයක නිරත වුනු අතර ඔහු එහිදී ඉන්දීය රජයේ ප්‍රභලයින් කිහිපදෙනෙකුම මුණ ගැසී තිබුණි.