ඉන්දියාව ලඟම මිතුරෙක් – ප්‍රංශය කියයි

ඉන්දියාව යනු සිය උපායමාර්ගික හවුල්කරුවෙකු සහ සමීප මිතුරෙකු බව ප්‍රංශය පවසයි.

විදෙස් මාධ්‍ය පැවසුවේ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් මේ බව අවධාරණය කර ඇති බවයි.

එමෙන්ම ඉන්දියාව යනු අනාගතය සම්බන්ධයෙන තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන ලෝක ඉතිහාසයේ යෝධයෙකු බව ද ප්‍රංශ ජනාධිපතිවරයා පවසා තිබේ.

අංශ රැසකින් ඉන්දියාව සමග පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව ද ප්‍රංශ ජනාධිපතිවරයා පවසා ඇත.

මෝදි පාලනය යටතේ එම සබඳතා තවත් ශක්තිමත් වන බව ද ප්‍රංශ ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉකුත්දා ප්‍රංශයේ සංචාරයක නිරත වූ අතර එම සංචාරය හමුවේ දෙරටේ සබඳතා තවදුරටත් ශක්තිමත් වී තිබේ.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *