යුරෝපයේ ඉල්ලීමක් ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි

ඉන්දියාවේ නිෂ්කාශන සමාගම් අධීක්ෂණය සහ විගණන බලතල ලබා ගැනීම සඳහා යුරෝපය කර ඇති ඉල්ලීම් ඉන්දියානු මූල්‍ය වෙළඳපළ නියාමකයින් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව රොයිටර් පුවත් ඒජන්සි වාර්තාවක් පවසා තිබේ.

නව ප්‍රමිතීන් පිළිපැදීම සඳහා 2023 අප්‍රේල් දක්වා කාල සීමාව දීර්ඝ කිරීමට නියාමකයින් අපේක්ෂා කරන බව එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

ඔක්තෝබර් 31 දින, යුරෝපීය සුරැකුම්පත් සහ වෙළඳපල අධිකාරිය (ESMA), යුරෝපා සංගමයේ මූල්‍ය වෙළඳපොල නියාමකයා සහ අධීක්ෂක, යුරෝපීය වෙළඳපල යටිතල පහසුකම් රෙගුලාසිවලට (EMIR) ට අනුකූලව ඉන්දියානු මධ්‍යම නිෂ්කාශන ආයතන හයකින් පිළිගැනීම ඉවත් කර ගන්නා ලදී.

මෙම තීරණය මත ලබන වසරේ අප්‍රේල් 30 න් පසු සියලුම යුරෝපීය බැංකුවලට ඉන්දියානු නිෂ්කාශන මධ්‍යස්ථාන සමඟ ව්‍යාපාර කිරීම තහනම් කරනු ඇතැයි වාර්තාවේ දැක්වේ.

ඉන්දියාව අත්සන් කර නොමැති, මෑත කාලීන යුරෝපීය සංශෝධන යටතේ, ESMA ස්වාධීනව ඉන්දියාවේ නිෂ්කාශන සමාගම් පරීක්ෂා කිරීමට අයිතිවාසිකම් අපේක්ෂා කරනු ලබයි.

තොරතුරු හුවමාරු කර ගැනීම ගැන කණස්සල්ලට පත් නොවන නමුත්, ඉන්දියාවේ නියාමනය කරන ලද ආයතන වෙත ස්වාධීන ප්‍රවේශයක් අපේක්ෂා කරන ESMA සමඟ, ඉන්දියානු සංචිත බැංකුව (RBI) සහ සුරැකුම්පත් සහ විනිමය මණ්ඩලය (Sebi) ගැළපීම පහසු නොවන බව නියාමකයින්ගේ මතය වී තිබේ.

මේ යටතේ Deutsche Bank, Societe Generale, BNP Paribas සහ Credit Suisse යන බැංකුවලට බලපෑම් එල්ල වලට බලපෑම් එල්ල වීමට ඉඩ ඇත.

මෙම තත්ත්වය හේතුවෙන් බැංකුවලට දිගටම ව්‍යාපාර කළ හැකි නමුත් ද්විපාර්ශ්වික වෙළඳාම පමණක් කළ හැකි අතර නිශ්කාෂණාගාර හරහා නොයන බැවින් ප්‍රාග්ධන පිරිවැය ඉහළ යනු ඇතැයි රොයිටර් වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *