නිදහස් පක්ෂ දෙහිවල-ගල්කිස්ස ‘නගරාධිපති අපේක්ෂක ‘ පොහොට්ටු වේදිකාවේ – සංවිධායකවරු කලකිරේ

 

 

මෙවර පළාත්  පාලන මැතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙහිවල සහ රත්මලාන සංවිධායක වරුන් දෙදෙනාම නිදහස් ජනතා සන්ධානයෙන් හෙලිකොප්ටරයෙන් නාම යෝජනා බාර දී ඇත

එය සිදු කර ඇත්තේ පක්ෂය විසින් අත්සන් කරන ලද නිදහස් ජනතා සන්ධාන ගිවිසුම අනුවය ,

එහෙත් පක්ෂ කාර්යාලයේ සිටින හිටපු ජනාධිපති මෛත්‍රිගේ ලේකම් වරයකු වන මියුරු භාෂිත විසින් පොහොට්ටුවේ ප්‍රධානියකු සමග ඩීල් දමමින් පොහොට්ටුවේ රත්මලාන සංවිධායක අමල් සිල්වාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලැයිස්තුවෙන් පලාත් පාලන මැතිවරණයට නාම යොජනා බාර දීම සදහා කටයුතු  කර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

මෙම නාම යෝජනා පත්‍රය තමන් අස්සන් නොකල බව පවසා දයාසිරි ජයසේකර විසින් CID යට පැමිනිලි කරන් ලද්දේ ඒ අනුවය

. මුදල් හම්බකිරීම සදහා පක්ෂය තුල පොහොට්ටුවේ අවශ්‍යතාවයන් ඉටු කරමින් සිටි මියුරු භාෂිත ගේ මෙම ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පක්ෂ සභාපතිගේ නිහඩ පිලිවෙත සමහර අය ප්‍රශ්න කරමින් සිටින්නේ එය නිදහස් පක්ෂයට දැඩි හානියක් නිසයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙහිවල ගල්කිස්ස නගරාධිපති අපේෂක පොහොට්ටුවේ මැයි දින වේදිකාවේ සිටිනු මුළු  රටම පසුගිය පළමුවනදා දැක ගත්තේය

. අමල් සිල්වා පොහොට්ටුවේ වෙදිකාවේ සිටින බව මෛත්‍රි දැනුවත් වුවද මීට වැරදිකරු මියුරු භාෂිත වන නිසා ඔහු නිහඩ වී ඇති බවයි වාර්තා වන්නේ.

පක්ෂයට ආදරය කරන සංවිධායකවරුන් මෛත්‍රි අනුදැනුම මත මියුරු භාෂිතගේ  මේ ඩීල් දේසපාලනය නිසා කලකිරී ඇති බවයි වාර්තා වන්නේ.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *