බ්‍රිතාන්‍යය දකුණු ආසියාවට හෙළන බැල්ම වෙනස් වෙයි ද?

දකුණු ආසියාවේ භූදේශපාලනය වෙනස් කිරීමට මහජන චීන සමූහාණ්ඩුව (PRC) දරන අඛණ්ඩ උත්සාහයන් තවදුරටත් වර්ධනය වීම හමුවේ හිමාලයානු කලාපය තුළ එක්සත් රාජධානියේ උනන්දුව හා අවධානය වැඩි කළ යුතු බව භූ උපායමාර්ග පිළිබඳ කවුන්සිලය (Council on Geostrategy) නම් චින්තන කණ්ඩායමක් නිකුත් කළ වාර්තාවක් පවසයි.

ජනවිකාස ව්‍යුහය වෙනස් කිරීමට දරනු ලබන උත්සාහයේදී, PRC භූතාන භූමියේ යටිතල පහසුකම් ගොඩනඟමින් සිටින අතර නේපාලයට එහි ඇඟිලි ගැසීම් ද වැඩි කර ඇතැයි එහි දැක්වේ.

හිමාලය කලාපයේ භූ දේශපාලන ගවේෂණය කරනු ලබන ග්‍රේ සර්ජන්ට් විසින් Council on Geostrategy චින්තන කණ්ඩායම වෙනුවෙන් සකස් කළ වාර්තාවේ බ්‍රිතාන්‍ය රජය සඳහා නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කරනු ලබන්නේය.

කලාපයේ සමුද්‍ර සහ භෞමික පද්ධතිය ආවරණය වන පරිදි ඉන්දු-පැසිෆික් ඉරියව්ව වෙත එක්සත් රාජධානියේ ප්‍රවේශය පුළුල් කළ යුතු බව එහි විශ්වාසය වී තිබේ.

එමෙන්ම එක්සත් රාජධානිය භූතානයේ තත්ත්වය ඉතා සමීපව නිරීක්ෂණය කළ යුතු අතර තවදුරටත් ආක්‍රමණය හෙළා දැකිය යුතු බව එය නිර්දේශ කර ඇත.

චීන බලපෑමට එරෙහිව නේපාලය සමඟ ඇති වෙළඳාම ද වැඩිදියුණු කළ යුතු අතර ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වෙස්ට්මිනිස්ටර් පදනම සහ අනෙකුත් විදේශ කාර්යාල මුලපිරීම් හරහා නේපාලයේ ප්‍රජාතන්ත්‍රවාදී සංක්‍රාන්තියට සහය දැක්වීමට එක්සත් රාජධානියේ උත්සාහයන් දිගටම පැවතිය යුතුය.

එක්සත් රාජධානිය ද්විපාර්ශ්වික සහ ආරක්‍ෂක මට්ටම් දෙකෙහිම ඉන්දියාව සමඟ ඇති සබඳතාව වැඩිදියුණු කිරීම කෙරෙහි ද කටයුතු කළ යුතු බව එම වාර්තාවෙන් පවසයි.

මේ සියල්ල හැරුණු විට, එක්සත් රාජධානිය ටිබෙට් ජාතිකයන් වෙනුවෙන් ද පෙනී සිටිය යුතු බව භූ උපාය මාර්ග පිළිබඳ කවුන්සිලය විශ්වාස කරයි.

බ්‍රිතාන්‍ය රජය ටිබෙටයේ මානව හිමිකම් සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කර තිබුණු නමුත් එය ජාත්‍යන්තර ආයතන සමඟ සම්බන්ධ වීමෙන් දිගටම උත්සුක විය යුතු බව එය වැඩිදුරටත් පෙන්වා දී තිබේ

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *