පකිස්තානය, ඉරානය සමග එළඹි ගෑස් ව්‍යාපෘතියක් අත්හිටුවය

.

අසල්වැසි ඉරානය සමග එක්ව ක්‍රියාත්මක කර තිබූ ගෑස් නල මාර්ග ව්‍යාපෘතියක් තාවකාලිකව අත්හිටුවීමට පාකිස්තානය තීරණය කර තිබේ.

ඉරානයෙන් ලාභදායී ලෙස ගෑස් ආනයනය කිරීම අරමුණු කරගනිමින් පකිස්තානය මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබුණි.

ඒ අනුව ඉරානය විසින් ඔවුන්ට අයත් කොටසේ නල එලීමේ කටයුතු මේවනවිට බොහෝදුරට සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් රාජ්‍ය පාලනයෙන් පිටත බාහිර සාධක හේතුවෙන් අදාළ ව්‍යාපෘතිය අත්හිටුවන බව පකිස්තානය දැනුම් දී ඇතැයි සඳහන්.

මේ අතර ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් බටහිර රටවලින් සම්බාධක පනවා තිබෙනවා.

ඒ හමුවේ අමෙරිකාවෙන් එල්ල වූ පීඩනය මධ්‍යයේ පකිස්තානය මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

https://www.wionews.com/node/623301

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *