දෙසැම්බර් අවසන් වීමට පෙර මෙරට පවතින ඖෂධ හිඟය සඳහා යම් පිළියමක් ලබාදීමට හැකියාව පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විදෙස් රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන සමග එක්ව මෙරටට අවශ්‍ය ඖෂධ ආනයනය කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවය.
ඒ අනුව, පවතින ඖෂධ හිඟය කඩිනමින් අවසන් කිරීමට හැකිවනු ඇති බව අමාත්‍යවරයා පැවසීය.
කෙසේවෙතත් අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධවල කිසිදු හිඟයක් නොමැති බව ද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.