FCID ලොක්කා සහ DIG නාලක බිල්ලට දුන් බව කී ‘නිලන්ත’ ලාබාලතම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට

නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පෙබරවාරි 28 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබෙනවා.

ජාතික පොලිස් කොමිසම විසින් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ලෙස දැනට සේවය කරන ඔහුගේ උසස්වීමට අදාළ නිර්දේශ ඊයේ (07) ලබා දුන්නා.

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්වූ ළාබාලතම නිලධාරියාද වන ඔහු 46 හැවිරිදි වියේ පසුවනවා.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ ප්‍රධානී රවී වෛද්‍යාලංකාර මහතාගේ සේවය පසුගිය දා හදිසියේම අවසන් කරනු ලැබුවේ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට උසස්වීම ලබාදීමට අවශ්‍ය මග සැකසීමට බවයි පසුගිය දා පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

ඇතැමුන්ගේ උසස්වීම් වෙනුවෙන් තමන්ව බිල්ලට ගත් බවයි රවී වෛද්‍යාලංකාර මහතා පසුගියදා පුවත්පතකට සඳහන් කර ඇත්තේ.

ජනපති ඝාතන කුමන්ත්‍රණයට අදාළව නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සම්බන්ධයෙන් මූලික තොරතුරු ලබා දුන්නේ ද මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා විසිනුයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *