ලන්සා අශෝභන වචන කියද්දී ගුරුවරියක් ළමුන්ට පෙන්නූ දේ

පාර්ලිමේන්තුවට නුසුදුසු ඉතා අශෝභන වචන භාවිත කරමින් මන්ත්‍රී නිමල් ලන්සා මහතා ඊයේ (05 ) සවස්‌ වරුවේ සභා ගැබෙහිදී රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතාට දොස්‌ නගනු ලැබුවා.

එහිදී ගැලරියේ සිට ඒ දෙස විමතියෙන් බලා සිටි පාසල් සිසුන් වහා ඉවත් කරන්නැයි අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා සහ බිමල් රත්නායක මහතා මුලසුනෙන් ඉල්ලා සිටියා.

සිසු දරුවන් දෙසීයක්‌ පමණ ඒ අවස්‌ථාවේදී ගැලරියේ සිට ඇති අතර පොලිස්‌ නිලධාරීන් එම සිසුන්ට පිටව යන ලෙස දැනුම්දී තිබෙනවා.

එහෙත් ඊට විරෝධය දක්‌වා ඇති ගුරුවරියක්‌ පොලිස්‌ නිලධාරීන්ට පවසා ඇත්තේ උත්තරීතර පාර්ලිමේන්තුවේ මෙවැනි මන්ත්‍රීවරු සිටිනා බව දරුවන්ට පෙන්විය යුතු බවය.

ඒ නිසා සියලු දරුවන් නිමල් ලන්සා මන්ත්‍රීවරයාගේත්, රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතාගේත් හැසිරීම දෙස සිනාමුසුව බලා සිටිනු දක්‌නට ලැබුණා.

“උඹ, පලයං, නපුංසකයා, පිරිමි ගණිකාව, හොර ගෑනි” වැනි වචනද පවසමින් ලන්සා මහතා රන්ජන් රාමනායක මහතාට දොස්‌ නඟද්දී මුලසුනේ සිටියේ වේලුකුමාර් මන්ත්‍රීවරයාය.

විනාඩි පහළොවකට ආසන්න කාලයක්‌ ලන්සා මන්ත්‍රීවරයා රන්ජන් රාමනායක මහතාට අශෝභන ලෙස දොස්‌ පැවරූ පසුව පැමිණියේ රන්ජන් රාමනායක ඇමැතිවරයා කතා කරන අවස්‌ථාවයි.

රාමනායක මහතා ද නිමල් ලන්සා මහතාට විවිධ වචන යොදා ගනිමින් දොස්‌ පවරද්දී ඒ වටා සිටි මන්ත්‍රීවරුන් සිනාසෙමින් ඔවුන් දෙදෙනා උනන්දු කරවන අයුරු දක්‌නට ලැබුණා.

මේ අවස්‌ථාවේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‌ෂ මහතාද සභා ගැබෙහි සිටි අතර මඳ වේලාවකට පසු ඔවුහු දෙදෙනා නැගිට ගියා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *