මැතිවරණ වියදම් පාලනයට විධිවිධාන සැලැස්වීමේ නීතියට පසුගියදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා. ඒ අනුව මැතිවරණයකදී අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල් ප්‍රමණය තීරණය කළ හැක්කේ මැතිවරණ කොමිසමට බව එම කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ප්‍රකාශ කළා.
මේ අතර අදාළ මුදල් ප්‍රමාණය ඉක්මවා වියදම් කිරීම සිදු කළහොත් එම අපේක්ෂකයාගේ මන්ත්‍රී ධුරය අහිමි කිරීමේ හැකියාව ලැබෙනව පරිදි එම පනත මගින් විධිවිධාන සකස් කර ඇති බවද සභාපතිවරයා සදහන් කරනවා.