අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු හා නිලතලවලින් ඉවත් කිරීම සහ ඊට බාධා කිරීම වලක්වාලමින් එම පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු මධ්‍යම කාරක සභාව වෙත නිකුත් කර ඇති වාරණය නියෝගය දෙපාර්ශවයේ එකගතාව මත විසුරුවා හැර තිබෙනවා.
ඒ, එම නඩුව කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම හමුවේ අද කැඳවු අවස්ථාවේදීයි.
විත්තිකාර පාර්ශවය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැමිණ සිටියා.
පැමිණි පාර්ශවයේ නිීතිඥවරුන් සමඟ සමථ ගිවිසුමකට අත්සන් කිරීමක් එහිදි සිදු වූ බවයි අප අධිකරණ වාර්තා කරු සදහන් කළේ.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් කර තිබුණේ, රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්වීමෙන් පසුව අමාත්‍ය ධුර භාර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් ඉකුත් මැයි මස 13 වන දා පැවති බවයි.
එම රැස්වීමේ දී අමාත්‍ය ධූර බාර ගැනීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් නොගත් බව ද ඔහු සඳහන් කළා.
ඉන් අනතුරු ව තමන්ව මධ්‍යම කාරක සභා රැස්වීම්වලට කැඳවීමක් නො කෙරුණු බවයි ඔහු සිය පැමිණිල්ලෙන් දක්වා ඇත්තේ.