දික්වැල්ලගේ අනාගතය අද තීරණය වන ලකුණු

දකුණු අප්‍රිකානුව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය අද (19 දා) කේප්ටවුන් හීදි ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 9.30 ට ආරම්භ වීමට නියමිතයි.

එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියටද එක එල්ලයේ සුදුසුකම් ලැබීමට අපොහොසත්ව සිටින ශ්‍රී ලංකාවට විස්සයි විස්ස තරගවලින් හෝ ජයග්‍රාහී ප්‍රවේශයක් ලැබීමට මෙම තරගාවලිය තෝතැන්නක් වුවත් එක්දින තරගාවලිය 5-0 ක් වශයෙන් පරාජය වීමෙන් පසු ශ්‍රී ලංකා පිලේ මානසිකත්වය තවත් අනතුරුදායක තත්ත්වයට පත්ව ඇතැයි විචාරකයන්ගේ මතය වී තිබෙනවා.

ශ්‍රී ලංකා නිත්‍ය පුහුණුකරු චන්දික හතුරුසිංහට එක්දින තරගාවලියෙන් පසුව රතු එළි දැල්වේද්දී විස්සයි විස්ස තරගාවලියේදී ස්ටීව් රික්ෂන්ට පුහුණුකරුවකු ලෙස වැඩ පෙන්වීමට අවස්ථාවක් හිමිව ඇති බවයි විචාරකයන් පවසන්නේ.

උපනායකත්වය මෙන්ම ආරම්භක පිතිකරු භූමිකාව රඟපාන නිරෝෂන් දික්වැල්ලගේ අසාර්ථකත්වය විස්සයි විස්ස තරගාවලියේදීත් දක්නට ලැබුණහොත් ඔහුට කණ්ඩායමේ ස්ථානය ලෝක කුසලානයේදී අවිනිශ්චිත තත්ත්වයකට පත්වනු ඇති.

වත්මන් අයි.සී.සී. විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව නව වැනි ස්ථානයේ පසු වුවද දකුණු අප්‍රිකාව එහි පස්වැනි ස්ථානයේ පසුවනවා.

මෙවර දකුණු අප්‍රිකානු සංචාරයේදී ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය 2-0 කින් ජය ගත්තද එක්දින තරගාවලිය 5-0 කින් පරාජය වීම මත දෙපිලටම විස්සයි විස්ස තරගාවලියේ ජයග්‍රහණය අත්‍යඅවශ්‍ය වනවා.

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායම

ලසිත් මාලිංග (නායක). නිරෝෂන් දික්වැල්ල. අකිල ධනංජය. ධනංජය ද සිල්වා. අසිත ප්‍රනාන්දු. අවිශ්ක ප්‍රනාන්දු. සුරංග ලක්මාල්. කුසල් මෙන්ඩිස්. කමිඳු මෙන්ඩිස්. ඇන්ජලෝ පෙරේරා. ප්‍රියමාල් පෙරේරා. සධීර සමරවික්‍රම. ලක්ෂාන් සඳකැන්. ඉසුරු උදාන. ජෙෆ්රි වැන්ඩ්‍රසි.

දකුණු අප්‍රිකානු විස්සයි විස්ස සංචිතය

ෆෆ් ඩූ ප්ලෙසිස් (නායක). ක්යින්ටන් ඩී කොක්. ජේ.පී.ඩුමිනි. ඉම්රාන් තහීර්. අයිදින් මාක්‍රම්. ලුන්ගි නිගිඩි. අන්රිච් නෝට්ජි. අන්දිල් පෙලුක්වායෝ. ඞ්වයින් ප්‍රිටෝරියස්. කාගිෂෝ රබාඩා. ඬේල් ස්ටේන්. රසී වැන් ඩුසීන්

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *