තමන් මාකඳුරේ මධූෂ්ගේ කලු සල්ලි සුදුකරන බවට අභූත චෝදනා එල්ල කරන බවත් තමන්ගේ ව්‍යාපාරය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ඇති ලංකා බැංකුවෙන් ලබාගෙන ඇති ණය වෙනුවෙන් මාසයකට රුපියල් 725000ක් ගෙවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා පැවැසීය.
අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය. එසේම තමන් මධූෂ්ගේ පියාගේ අවමඟුල් ගෙදරට එක්වූ බවත් මධූෂ්ගේ මලගෙදරටද තමන් එක්වෙන බවත් එය මනුෂ්‍යත්වය නිසා බවත් ඔහු පැවැසීය.
“මාකඳුරේ මදූෂ්ගේ සල්ලි අරගෙන කලු සල්ලි සුදු කරනවා කියලා මට මඩ ගහලා තිබුණා. නිරෝෂන් ප්‍රේමරත්න ට්‍රෙන්ඩි කියලා කඩයක් දැම්මා. ඒ කඩේ දාන්න ඉඩම ගත්තේ මිලියන 2.2 පර්ච් ඒකක්. පර්චස් 40ක් ගත්තා. බිල්ඩින් ඒක හදුවා කෝටි අටක්. කොහෙන්ද නිරෝෂන් ප්‍රේමරත්නට කෝටි අටක් ට්‍රෙන්ඩි ඒක දාන්න.
මම මේ ව්‍යාපාරය පටන් ගන්න බිල්ඩින් එක ගත්තේ කුලියට. මේකේ අයිතිකාරයා ඉන්නවා ඔස්ට්‍රේලියාවේ. කුලිය ලක්ෂ පහයි. මම මේකේ කී මනී එක ගෙවලා අරගෙන මුලින්ම මාස හයක් තිබුණා ව්‍යාපාරය පටන් ගන්න බැරිව වහලා සල්ලි නැතිව.
මම පාර්ලිමේන්තු බැංකුවට කතා කළා. වත්කම් නැතිව ණය දෙන්න විදිහක් නෑ කිව්වා. මට මිත්‍රයෙක් හිටියා තලවතුගොඩ ඔහු මට ඉඩම අවුරුදු 5කට ලියලා දුන්නා ණය ගන්න. මේ පාර්ලිමේන්තුවේ ලංකා බැංකුවට මම ණයට මාසයකට 725000ක් ගෙවනවා.
ජනතා විමුක්ති පෙරමුණ තමයි මේ මඩ නිර්මාණය කළේ. මාකඳුරේ මධූෂ්ගෙන් උදව් ගත්ත අය මේ පාර්ලිමේන්තුවේ ඇති. මම කියන්නේ මධූෂ් කරන්න ඕන එක දෙයක් තිබෙනවා. මධූෂ් දවසක මැරෙනවා මධූෂ්ට කරලා යන්න පුළුවන් එකම දෙයක් තිබෙනවා. කවුද උදව් කළේ, කොහොමද නිර්මාණය වුණේ කියන එක.
මළ ගෙදර ගිය මට ජවිපේ මට ගැහුවා. මට කාවවත් සුද්ද කරන්න ඕන නෑ. මධූෂ්ගේ අම්මා ජවිපේ සාමාජිකාවක්. මධූෂ්ගේ අම්මා වෙඩි තියලා මරණවා. ජනතා විමුක්ති පෙරමුණේ කවුරුවත් ගිහිල්ලා සමාජිකාව ගැන බැලුවේ නෑ. ජවිපෙට ගිහිල්ලා බල්න්න තිබුණා. ජවිපේ නිර්මාණය කළ භීෂණයේ ප්‍රතිඵලයක් තමයි මධූෂ්.”