එංගලන්තයේදී අයින්ටයින්ගේ බුද්ධිය පැරදවූ ලංකාවේ නිෂී (Photos)

එංගලන්තයේ චැනල් 4 නාලිකාව මගින් පවත්වනු ලැබූ Child Genius නමැති රූපවාහිනී තරගාවලිය ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලාංකික සම්භවය ඇති 12 හැවිරිදි දැරියක පසුගිය සෙනසුරාදා පැවති එහි අවසන් තරගයේදී සමත් වුණා. මැන්චෙස්ටර් ප්‍රදේශය නියෝජනය කරමින් එයට සහභාගීවූ ඇය නිෂී උග්ගල්ලයි.

ඇගේ මව පියා දෙදෙනාම ශ්‍රී ලාංකිකයින්ය. මැන්චෙස්ටර්හි උසස් පාසලක ඉගෙනුම ලබන ඇයව පාසලේ අය හදුන්වන්නේ “මානව කැල්කියුලේටරය” නමිනි. ඇගේ පියා වන නිලංග උග්ගල්ල තොරතුරු තාක්ෂණ ආරක්ෂණ ක්ෂෙත්‍රයේ කටයුතු කරන අතර Barclays බැංකුවේ

උප සභාපති ලෙසින් ද කටයුතු කරනු ලබනවා. ඇගේ මවවන ශිරෝමී ජයසිංහ ගණකාධිකාරීවරියකි.

මෙම තරගයේදී විමසනු ලබන්නේ විද්‍යා ගණිත විෂයන්ට අදාළ ප්‍රශ්න හා ඉංග්‍රිසි අක්ෂර වින්‍යාසය සම්බන්ධ ප්‍රශ්න වූ අතර නිෂී එහිදී ඉහළම සමත්කම් දක්වා තිබුණි.

නිෂී ජය ගන්න විට මං අත්පුඩි ගැසුවා. නිෂි ගැන නරඹන්නන් සතුටු වුනේ ඒ විදිහටයි. මං නිෂි දිහා බලන් හිටියා ඇය පුදුමාකාරයි. ඇගේ ආත්ම ශක්තියක් ගොඩක් ඉහළයි ඇය ඒක හොදින් කලා එහෙම කිව්වේ නිෂි ගැන සතුටු වුනු තවත් නරඹන්නෙක්.

අවසන්වටයේ ඇයත් සමඟ තරඟ වැදුනේ විලියම් හාර්වඩ්.

ඇගේ තරගකරුවන් ලකුනු පහක් ලබා සිටින විට නිෂි ප්‍රථම වරට ලකුණු 10ක් රුස් කර ගත්තා.

අවසානයේ දී ඇය විසින් අදහස් දක්වන විට තමන්ට උදව් පදව් කළ අය වෙනුවෙන් මෙසේ කියා සිටියා.

“ඇත්තෙන්ම විස්මයජනකයි. විලියම් ඇත්තටම හොද සටනක් දුන්නා. මේ තරඟයට මා ඇතුළත් වෙන්න ප්‍රධාන හේතුවක් වුනේ ගැහැණු ළමයින්ට භෞතික විද්‍යාවට , ගණිතයට හැකියාවක් නැහැ කියන එක වැරදි කියල ඔප්පු කරන්නයි”

මේ කුඩා දැරියගේ ආකල්ප ගැන ප්‍රේක්ෂකයන් පුදුමයට පත්වුණා.

මේ සමග පළවන්නේ ඇයට උත්තර දීමට සිදුවූ ප්‍රශ්න හා උත්තරයි.

Nishi-12-is-crowned-Britains-brightest-youngster

Nishi-12-is-crowned-Britains-brightest-youngster

Nishi-12-is-crowned-Britains-brightest-youngster

Nishi-12-is-crowned-Britains-brightest-youngster

Nishi-12-is-crowned-Britains-brightest-youngster

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *