කවුරු ආවත් අභියෝගයක් නැහැ – වයඹ ජනතාව මා එක්ක – දයාසිරි…

වයඹින් මැතිවරණයට පැමිණෙන බොහෝ අයගේ නම් කියැවේ. එහිදී අගමැති පුත් යෝෂිත රාජපක්ෂගේද නම කියවිණි. කෙසේවෙතත් මේ ගැන අදහස් දක්වමින් තමන්ට කිසිවෙකු අහියෝගයක් නොවන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසුවේය.

“ඔය කියන කවුරුත් වයඹ පළාතේ ඉපදුනු මට අභියෝගයක් නොවෙයි. වයඹ පළාතේ ජනතාව එදා වගේ ම අදටත් මට හොඳින් සලකනවා. ඒ නිසා මේ පළාත් සභා මැතිවරණයේදීත් වයඹ ජනතාව මට හොඳින් සලකයි කියලා මම විශ්වාස කරනවා.” යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

නමුත් තමන් දේශපාලනයට නොඑන බව අප කල විමසුමේදී ඊට පිළිතුරු දෙමින් යෝෂිත රාජපක්‍ෂ මහතා පැවසුවේය. එහිදී ඔහු පැවසුවේ තමන් සමාජ සේවා කටයුතු වල නිරත වන්නේ එවන් දේශපාලනික අරමුණකින් නොවන බවය

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *