එක්සත් ජාතික පක්ෂයට තමන් එක්වන බවට පැතිර යන ආරංචි සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කරුණු දක්වනු ලැබුවා.
ඒ, පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින්.
තමන් එක්සත් ජාතික පක්ෂයට එක්වන්නේදැයි තමන්ගෙන් ප්‍රශ්ණ කරන බවත් තමන් එක්සත් ජාතික පක්ෂයට එක් නොවන බවත් ඔහු ප්‍රකාශ කර සිටියා.
එසේම පසුගිය කාලයේදී එකට වැඩ කිරීම හරහා පක්ෂ දෙක අතර වෛරය, ක්‍රෝධය, තරහව නැති කිරිමට හැකි වූ බවත් අවශ්‍යවන්නේ මැතිවරණ කාලසීමාවේදි ප්‍රතිපත්ති ගැන විවේචනය කිරිමක් හා ඉන් පසුව එක්ව වැඩ කිරිමක් බවත් දුමින්ද දිසානායක මහතා සඳහන් කළා.