කොරෝනා ‘පැණි බිවූ අය’ හරියට පැණි බි නෑ !

කෑගල්ලේ ධම්මික බණ්ඩාර නමැත්තා කොරෝනා වෛරසයට එරෙහිව නිෂ්පාදනය කළ බව කියන ඖෂධය පානය කළ පුද්ගලයින් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය වැළදීම සම්බන්ධයෙන්  ඔහුගෙන් විමසීමක් කළා.

එහිදී ධම්මික බණ්ඩාර කියා සිටියේ තමා ප්‍රකාශ කරන අන්දමට අදාළ ඖෂධය පානය කළේ නම් කිසිවෙකුටත් කොරෝනා වෛරසය වැළදීම සිදුනොවන බවයි.

කෙසේ වෙතත්, ධම්මික බණ්ඩාර ප්‍රකාශ කරන සියළුම ක්‍රමවේද අනුගමනය කරමින් පැණිය පානය කළ ද තමන් ඇතුළු පවුලේ සියළු දෙනාට කොරෝනා වැළදුණු බව කෑගල්ල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී ශිලන්ත විජේපාල ප්‍රකාශ කළා.

මෙම පැණිය පානය කළ පුද්ගලයින්ට කොරෝනා වෛරසය වැළදීම සම්බන්ධයෙන් රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පී. හේවාගමගේ කියා සිටියේ අදාළ ඖෂධය, ඖෂධයක් ලෙස කිසිදු ආයතනයක ලියාපදිංචි වී හෝ නොමැති බවයි.

බොහෝ විට ව්‍යාපාරික අරමුණක් හේතුවෙන් මෙවැනි කටයුතු සිදුකරනු ඇති බවට ද ප්‍රකාශ කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

You May also like

2 Comments

  1. Aneada kiyanne

  2. Thovil kalaata pasuth perethaya giye nethnam , pawlage maas killa nisai kiyala kattandi kiyana awastha boomei !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *