අද (10 ) රාත්‍රීයේ සිදුවන විදුලි කප්පාදුවෙන් අනතුරුව, යළිත් විදුලි කප්පාදුවක් ඇති නොවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළා.
වියළි කාලගුණය හේතුවෙන් බලාගාර ආශ්‍රිත ජලාශයන්හ් ජල මට්ටම සීග්‍රයෙන් පහළ බැසීමකට ලක්වීම විදුලි කප්පාදුවට හේතුව වී ඇති බවත් එම අමාත්‍යාංශය පෙන්වා දෙනවා.
ජාතික පද්ධයට අමතර විදුලිය මිලදී ගැනීම් තුළින් මෙගාවොට් 500ක් එක්කිරීම වෙසක් උත්සවය වනතුරු කිසිදු ගැටළුවක් ඇති නොවන පරිදි ජනතාවට විදුලිය සැපයීමට කටයුතු කරන බවත් එම අමාත්‍යාංශය පවසනවා.
ලංවිම නිපදවන ඒකකයට වඩා අවම මිලක් යටතේ මෙම අමතර විදුලිය ලබාගැනීමට හැකිවී ඇති බවත් එක් ඒකකයක් වෙනුවෙන් රු. 25.00 ක් පමණ වැයවන බවත් අමාත්‍යාංශය පෙන්වා දෙනවා.