පොලිසියට පෙන්වන්න ‘කිසිදු ගුරුවරයෙකුට’ සේවා හැඳුනුම්පතක් නෑ

කොවිඩ් වසංගතයත් සමග සිය සේවා ස්ථානයට පැමිණීමේදී සේවා හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතු වුවද, දිවයිනේ කිසිදු පාසල් ගුරුවරයකුට මෙතෙක් සේවා හැඳුනුම්පතක් නිකුත් කර නොමැති බව ගුරුවරු පවසනවා.

එම නිසා පාසල් මට්ටමින් සේවා හැඳුනුම්පතක් සකස් කිරීමට ඇතැම් විදුහල්පතිවරුන් මේ දිනවල කටයුතු කරමින් සිටිනවා.

ඒ ගුරුවරුන්ට මාර්ග බාධකවලදී හෝ වෙනත් පරීක්ෂා කිරීමකදී සිය අනන්‍යතාව ඔප්පු කිරීම සඳහායි.

අධ්‍යාපන අමාත්‍යාංශය සේවා හැඳුනුම්පතක් නිකුත් කිරීමට දැනුම් දී නැතත්, ඇතැම් විදුහල්පතිවරුන් ඒ සඳහා ක්‍රියාත්මක වෙමින් පවතින බව අමාත්‍යාංශය ද දැනුවත් බව අතිරේක ලේකම් ආර්. එම්. රත්නායක පවසනවා.

දිවයින පුරා පාසල්වල ගුරුවරුන් දෙලක්ෂ විසිපන්දහසක් සේවය කරනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *