ආනවිළුන්දාවේ සිද්ධියට ඇමති සොයුරාගෙන් ප්‍රකාශයක්වත් අරන් නෑ – පරිසර සභාපති අල්ලන්න බලය ඉල්ලයි

නීති විරෝධී මත්පැන් අත්අඩංගුවට ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුවට බලයක් තිබුණද, පරිසරයට හානි කරන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන පොලිසියට ඉදිරිපත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරියට බලයක් නැතිවීම විශාල අඩුපාඩුවක් බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ සඳහන් කරනවා.

පරිසර පනතෙන් ඊට ඉඩ සලස්වා නැති බවද ඔහු පෙන්වා දෙනවා.

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉඩමක සිදුවන පරිසර හානියක් සම්බන්ධව අධිකරණයට යෑමේ බලයක් මධ්‍යම පරිසර අධිකාරියට ව්‍යවස්ථාවෙන් බලයක් ලැබීනැත.

ඒහෙන් පරිසරයට හානි කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට බලතල ලබාදෙන ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ නීතිඥයන් නීතිපත් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇති බවද සභාපතිවරයා පැවසුවා..

ආනවිළුන්දාවේ මේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයා අත්අඩංගුවට ගැනීමට හෝ වාර්තාවක් ගැනීමට, ප්‍රකාශයක් ලබා ගැනීමට තවමත් පොලිසිය කටයුතු කර නොමැති බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්.අමරසිංහ සඳහන් කළා.

මෙම සිද්ධියට අදාළව පොලිසිය සැකකරුවන් කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙන නමුත් එම සැකකරුවන් අධිකරණයට කරන ලද ප්‍රකාශයට අනුව හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයා අත්අඩංගුවට ගැනීමක් මෙතෙක් සිදුවී නැතැයි සභාපතිවරයා පෙන්වා දෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *