උතුරු කොරියාව අමෙරිකාවේ අත ගසා දමයි – මිසයිල අත්හදා බැලීම් ඇරඹේ

උතුරු කොරියාව විසින් ඇමරිකා එක්‌සත් ජනපදය සමග න්‍යෂ්ටික අවිහරණ සාකච්ඡා අත්හිටුවා තිබෙනවා.

එසේම න්‍යෂ්ටික පර්යේෂණ හා මිසයිල අත්හදා බැලීම් නැවත ආරම්භ කිරීමට ද උතුරු කොරියාව තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

උතුරු කොරියානු නියෝජ්‍ය විදේශ ඇමැති චෝයිසුන් හුයි පවසන්නේ ඇමරිකා එක්‌සත් ජනපදය විසින් ලෝක ඉතිහාසයේ ස්‌වර්ණමය අවස්‌ථාවක්‌ මගහැරි බවයි.

උතුරු කොරියාව තම ප්‍රධානතම න්‍යෂ්ටික මධ්‍යස්‌ථානය වන යොංබියොන් න්‍යෂ්ටික මධ්‍යස්‌ථානය වසා දැමීමට එකඟ වුවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් උතුරු කොරියාව සතු සියලු න්‍යෂ්ටික මධ්‍යස්‌ථාන වසා දැමීම අවසන් වන තුරු උතුරු කොරියාවට එරෙහි සම්බාධක ඉවත් නොකිරීම ඇමරිකාව හා උතුරු කොරියාව අතර සාකච්ඡා බිඳ වැටීමට හේතු වුණා..

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *