උතුරු කොරියානු බලවතා ‘කිම් ජොන් උන්’ කඳුළු සලයි..සමාව ඉල්ලයි (VIDEO )

උතුරු කොරියාවේ පාලක පක්ෂයේ 75 වැනි සංවත්සරය සැමරීම සඳහා සති අන්තයේ පැවති උත්සව අතරතුරදී හමුදා පැරේඩයක් ද පැවැත්වූ අතර එහිදී උතුරු කොරියානු නායකයාගේ දෑස් කඳුළින් තෙත් වී තිබුණු බව විදෙස් මාධ්‍ය පවසනවා.

අගනුවර පැවති එම හමුදා පැරේඩයේදී හමුදා බලය උත්කර්ෂයට නංවමින් කතා කළ කිම් ජොන් උන් පැහැදිලිවම හැඬුම්බර වී සිටි බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

කොරෝනා වෛරස් වසංගතයෙන් බැටකන සමයකදී කොමියුනිස්ට් රාජ්‍යය ඉදිරියට පැදවීමට අසමත් වීම වෙනුවෙන් ඔහු සමාව ඉල්ලා සිටියා.

‘‘අපේ ජනතාව මා ගැන අහස උසට, සාගරය තරම් ගැඹුරට විශ්වාසය තබා තිබෙනවා. නමුත් ඒ බලාපොරොත්තු ඉෂ්ට කරන්නට මට හැම විටම හැකි වුණේ නැහැ. … මට ඒකට ඇත්තෙන්ම සමාවෙන්න..‘‘

මෙසේ පවසද්දී උතුරු කොරියානු නායකයාගේ දෑස් කඳුළින් තෙත් වී තිබුණා.

ආරක්ෂාව වෙනුවෙන් කැප වී සිටින හමුදාවට සිය ප්‍රශංසාව සහ ගෞරවය පුද කළ ඔහු, එහිදී තවදුරටත් මෙසේ ද සඳහන් කළා.

‘‘ඔබ මා කෙරෙහි තැබූ විශ්වාසයට සලකන්නට නොහැකි වීම ගැන මට ලැජ්ජයි‘‘

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *