කිම් ජොංග් උන් උතුරු කොරියාවේ සිට වියට්නාමයට

උතුරු කොරියාවේ සිට චීනය හරහා පැය 60කට අධික කාලයක දුම්රිය ගමනකින් පසුව උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් අද (26) අලුයම වියට්නාමයට පැමිණ තිබෙනවා.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමග දෙවන සමුළුවට සහභාගී වීම සඳහා මෙලෙස උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් අද වියට්නාමයට පැමිණියා.

ඔහු ඇතුළු නියෝජිත පිරිස වියට්නාමයේ ඩොංඩැන් දුම්රිය ස්ථානයට ළගා වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මෙම සමුළුවට සහභාගී වීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඊයේ (25) රාත්‍රියේ වොෂින්ටනයෙන් පිටත් වී තිබෙනවා. ඔහු ද අද පස්වරුවේ හැනෝයි නුවරට ළගා වීමට නියමිතයි

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *