ආණ්ඩුවේ හැමෝම Yes Sir කියන තැන නැහැ

ආණ්ඩුවේ වැරදි ඇතත් ඒ පිළිබද විවේචනය කිරීමෙන් තමන් වැළකී සිටින්නේ මුලු ලෝකයටම පාලනය කරගත නොහැකි කොරෝනා වසංගතයක් සමග කටයුතු කිරීමට ආණ්ඩුවට සිදුව ඇති නිසා බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

තමන් වියත්මග නියෝජනය නොකෙරුවද වියත්මගේ දේශපාලඥයින්ට වඩා වැඩි වියපත් දේශපාලන අවබෝධයක් තමන් සතුව පවතින බවද රාජ්‍ය නායකයා විසින් විශේෂඥ සහය ලබා නොගෙන තනිව වැඩ කිරීමට උත්සහ දැරීම වර්තමානයේ ආණ්ඩුව මුහුණ දී ඇති ගැටලු රැසකට මූලික හේතුව වී ඇති බවද ඩිලාන් පෙරේරා මහතා පවසුවේය.

මධ්‍යහමුවට එකතු වෙමින් ඔහු තව දුරටත් පැවසුවේ කොවිඩ් වසංගතය තුරන් වූ විගස ආණ්ඩුවේ වැරදි පෙන්වා දීමට තමන් ඇතුලු කණ්ඩායම පසුබට නොවන බවත් ආණ්ඩුවේ සියල්ලොම Yes Sir කියන තැන නැති බවත් ඔහු පැවසුවේය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *