හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය ඔමාන සමාගමක් සමඟ ආරම්භ කරනවා – රනිල්

හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය ඔමානයේ රාජ්‍ය පෞද්ගලික සමාගමක් සමඟ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(21දා) පාර්ලිමේන්තුවට පැවසීය.

හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා විමසු ප්‍රශ්නයක් සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසු අතර එම සමාගමට 30% ක කොටස් ලබාදෙන බවද පැවසීය.

මෙම තෙල් පිරිපහදු ව්‍යාපෘතිය ඔමාන් රජය සිදුකරන ව්‍යාපෘතියක් නොවන බවට ඔමානයේ ඛනිජ තෙල් සහ වායු පිළිබඳ අමාත්‍යාංශය සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් පැහැදිලි කිරිමක් කරන ලෙස කාංචන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පැවසිය.

ඩොලර් මිලියන 3.8ක ආයෝජනයකින් මෙම ව්‍යාපෘතිය සිදුකරන බවද මෙහිදි පැවසු අතර අයෝජන මණ්ඩලය මඟින් මේ පිළිබඳ සම්පුර්ණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නියමිත බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *