නොත්‍රඩෑම් දෙව්මැදුරේ ගිනිගත් පියස්සේ ‘දිවි ගලවා ගත්’ මීමැසි රංචුව !

ඓතිහාසික නොත්‍රඩෑම් දෙව්මැදුරේ පියස්‌සේ වාසය කළ මී මැස්‌සන් 200,000 කට ගින්නෙන් කිසිදු හානියක්‌ සිදුවී නොමැති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම මී මැස්‌සන් භාරව කටයුතු කළ නිකුලස්‌ ගින්ට්‌ පවසන්නේ 2013 දී මීවද තුනක්‌ දෙව්මැදුරු පියස්‌සේ තැන්පත් කළ බවයි.

පැය 12 කට අධික කාලයක්‌ ගින්න පැවතියත් මේ මීමැස්‌සන් දිවි ගලවා ගත්තේ කෙසේද යන්න මවිතයක්‌ බව හෙතෙම සඳහන් කරනවා.

” මී මැස්‌සන් සුපුරුදු පරිදි මීවදවලින් එළියට ගොස්‌ ආපසු පැමිණෙන අයුරු මා දුටුවා.ගින්නට ගොදුරු වී මීවද තුනම විනාශ වී ඇති බව සිතුවත් චන්ද්‍රිකා ඡායාරූපවලින් මී මැස්‌සන්ට හානියක්‌ සිදුවී නැති බව දැන ගත්තා.මෙම මීමැස්‌සන් සමූහය වසර සිය ගණනක්‌ තිස්‌සේ පැවතෙන මීමැසි පෙළපතට අයත් වනවා.
එම මීමැස්‌සන් සිටින මී වදවලින් වසරකට මී පැණි ටොන් 25 ක්‌ ලබාගන්නා අතර එම මී පැණි නොත්‍රඩෑම් පල්ලියේ කාර්ය මණ්‌ඩලයට අලෙවි කරනවා.” යනුවෙන් මී මැස්‌සන් භාරව කටයුතු කළ නිකුලස්‌ ගින්ට්‌ සඳහන් කර තිබෙනවා.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *